Oct 7, 2023

ඔහුට යුද්ධය දිනීමට අවශ්‍ය නැත

මේ


යුක්රේන නීති විරෝධී ආක්‍රමණය ආරම්භ වී හරියටම දින 590 කි. කෙසේ වෙතත්, රුසියාවේ "ඒකාධිපති"  ව්ලැඩිමීර් පුටින්, දේශසීමා තරණය කිරීමට තම හමුදාවන්ට අණ දුන් විට,  එය හුදෙක් " වෝක් ඉන් ද පාක්" මාදිලියේ පාගමනක් නොවීය. දින කිහිපයක් ගතවනු ඇතැයි සිතූ දෙය දැන් වසර එකහමාරක් තිස්සේ පැවති රුසියානු අසාර්ථකත්වයක් බවට පත්ව ඇත.යුක්රේනයේ මිලිටරි හැකියාව සහ චිත්ත ධෛර්යය යන දෙකම, ලොවම පුදුමයට පත් කළේය.

යුද්ධය ඉතා දිගු කාලයක් පවතිනු ඇති බවට සාධක කිහිපයක් ද පෙන්වා දෙයි. එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව , 2024 වන විට රුසියාවේ රාජ්‍ය වියදම්වලින් සම්පූර්ණ 30% ක් ආරක්ෂාව සඳහා වැය කරනු ඇත - එය පුටින් වසර කිහිපයක යුද්ධයකට සූදානම් වීම ලෙස අර්ථ දැක්වේ.  දැන් මේ අර්බුධය ගැන අලුත් "කොන්ස්පිරසි තියරියක්" බිහිවී ඇත. එයට අනුව, මේ පුටින් ගැන වෙනස්ම කියවීමකි.

Sep 28, 2023

ප්‍රයෝජනවත් බ්‍රව්සර් ඇඩ්-ඔන්/ එක්ස්ටෙන්ෂන්

මේ තියෙන්නෙ ක්‍රෝම් බ්‍රව්සරයට මම දැනට පාවිච්චි කරන Addon/ extension ටික. ඩික්ෂ-නරි තුනයි. 

1. Google Dictionary

2. Google Translate

3. Instant Dictionary

Dictionary නං කොච්චර තිබ්බත් වැඩි නෑ. සමහර ඉංග්‍රීසි වචන වල හරිම තේරුම, යෙදෙන අවස්ථාව අනුව වෙනස් වෙන නිසයි.

ලිඛිත හෝ කතාකරන "පොෂ් ඉංග්‍රිසී" වලට අයත් නොවන, "ස්ලෑන්ග්" නමින් හඳුන්වන කොටසකුත් ඉංග්‍රිසී බාෂාවෙ තියනවා. ඒක එක්තරා ආකාරයක, "බජාර් එකේ බාසාවක්" . මේ ස්ලෑන්ග් රටින් රටට වෙනස් වුනත්, ව්‍යක්ත ඉංග්‍රීසි සඳහා මට ඇමරිකන් ස්ලෑන්ග් වැදගත් වෙනවා. ඒ සඳහා මම යන්නෙ ,  Urban Dictionary  කියන තැනට. තව Thesaurus එකකුත් තියනවා, මේවා සෙට් කරගත්තෑකි, වෙන, වෙන ක්‍රම වලට ඇක්ටිවේට් වෙන විදිහට, ඔප්ෂන් හරහා.

Aug 28, 2023

පට්ටි මානසිකත්වය - Herd mentality

 අපේ පැත්තෙ තියෙනවා පැසිෆික් මෝල් කියලා වෙළඳ සංකීර්ණයක්. ඒකෙ වැඩි හරියක්ම ඉන්නෙ චීන්නු. හොර ෆෝන්/අයිපෑඩ් අන්ලොක් කරන "ෂේඩි" බිසිනොස්ද ඇතුලුව, ලාභ නමුත් ගාණෙ හැටියට වටිනා බඩු ගන්න නියම තැන. ඔතන කඩේක "store closing everything must go" සේල් එකකට, අපේ හෝතම්බුවා ගිහිල්ලා. සූ ගාලා චීන ගෑණු බඩු තෝරනවලු. හෝතම්බුවා, ඒ චීන නඩයෙන් ඈත් වෙලා කොනක තිබිච්ච බඩු ලොට් එකක, බඩුවක් බලන්න අතට ගත්තලු. අර චීන නඩේම එතනට කඩා පැනලා, ඉතුරු හොඳ බඩු ටික සිං ගාලා වාෂ්ප කෙරුවලු. 

Aug 22, 2023

සොහොන්පල්ලාගේ මතක වස්තුව

එදා තවත් එක් ඒකාකාරී රාජකාරී දිනයක අවසානයක්. සුපුරුදු පරිදි කඩේ ගොස්, බඩු මලු ඉහින්, කනින් එල්ලා ගෙන පාර පනින විට, දුරකථන ඇමතුමක් එනවා. දුරකථන තිරය, වාහනක නලා හඞ, ස්ලාං බලාං ඩෝං.......ඊලඟ මම ඉන්නෙ කලු කෝට් කාරයෙක් ඉස්සරහා. නෑ, නෑ අලුත් කඩේ නෙමෙයි. කෝට් කාරයා මට කියනවා, මගේ"කල් ඉකුත් වූ" බව.

Aug 10, 2023

බුබුලක ජීවත්වීම වරදක්ද?

Bubble life -cat style
ලෝකයේ සිටින සෑම කෙනෙකුම "බුබුලක්"  ඇත. එකම වෙනස වන්නේ එම බුබුලේ නිර්වචනය, ප්‍රමාණය සහ සංයුතියයි. සමහර අයගේ බුබුලු විශාලයි. සමහර ඒවා කුඩා ය. සමහර ඒවා අන් අයගේ බුබුලු වලට වඩා වෙනස් ය, සමහර ඒවා ඉතා ප්‍රාථමික ය. නමුත් අපි හැමෝම විටින්, විට මේ බුබුලු වල ජීවත් වන්නෙමු. මටද "බුබුලක්" දෙකක් ඇති නිසා,  මට අන් අයගේ "බුබුලු ජීවිත" ගැන අවුලක් නැත. 

Jul 9, 2023

බස්සා දුටු අරාබි නිසොල්ලාසයේ අඳුරු පැත්ත

ඔහෙලා අරාබි නිසොල්ලාසෙ කතා කියවල තියනවනෙ?ඒ කතාවලින් මැවෙන්නෙ, අමුතුම ,අද්භූත වගේම සුන්දර පරිසරයක් නේද? අරාබියේ මරු කතරට යන්න ඉස්සෙල්ලා මාත් හිතුවෙ එහෙමම තමයි.කව්ද බූතයෙක් "හබීබි, කම් ටු ඩුබායි" කිව්වා, ඉතිම් මාත් ගියා. පහනෙ බූතයා, මැජික් පලස් නම් දැක්කෙ නෑ. ඔටුවො හිටියා, ජාතිවාදී රාජ පුරුසයො හිටියා, මූණු බාගෙට වහගත්ත රාජ කුමාරියොත් හිටියා. ආ, තව පාරෙ වැඩට වහල්ලුත් හිටියා. අලිබාබාත් මාලිගාවක හිටියා.

Jul 4, 2023

AliExpress, Temu සහ අටවන මාටින්ලා

ඔහෙලා දන්නවා නෙව, මම චීන ලාබ බඩු වලට කැමති බව. ලාබෙට බඩු ගන්න කොට, ඒ එක්කම එන රිස්ක් එකත් ගන්නම වෙනවා. ඒ "රිස්ක් එක" දැන ගන්න නම්, ඔය බඩු ගලවලා බලන්නම වෙනවා. ආන්න එතකොට තමයි, රට්ටු අපෙන් අහන්නෙ "දැන් කියමු බලන්න, ඇයි ඔහේ ඕක ගැලෙව්වෙ මොන ඉත්තෑ අමාරුවටද කියලා?"


Jun 16, 2023

රැජිනගෙ ඉංග්‍රීසි සහ ටින්-ටින් සමඟ කෝපි සැඳෑවක්

පි නොදන්න Accent 


ඉංග්‍රීසි අපේ මව් භාෂාව නොවන නිසා, අපි බොහෝ දෙනෙකුට "ඇක්සන්ට්" එකක් තියනවා.ඒත් ඒ බව, යමෙක් අපට කිව්වොත්, අපි ඒකට එච්චරම කැමති නෑ. ඒක අපි හිතන තරම් අවුලක් කියල මට හිතෙන්නේ නැත්තෙ ලන්ඩන් නගරය ඇතුලතම, ඉංග්‍රීසි උපභාෂා කීපයක්ම තිබෙන බව අසා තිබෙන නිසයි. මේ භාෂාවල "ඇක්සන්ට්" එකට අමතරව, ඒවාටම ආවේනික යෙදුම්( Dialect) තිබෙන බවත් අසා තිබෙනවා.

Jun 8, 2023

ඇමරිකාවේ අවසාන නාසි යුධ සිරකරුවා

වර්ෂ 1985  දී ඇමරිකාවේ "most wanted" ලැයිස්තුවේ ඉන්න අපරාධකරුවෙක්, බලධාරීන්ට භාර වෙනවා. වැඩේ කියන්නෙ මේ හාදයා අවු 40 ක් FBI එකත් එක්ක කට්ටි පැනපු ගොබිලෙක්. කස්ටිය හතර වටේ, මෙයාගෙ පෝස්ටර් එහෙම අලවලත් තිබිලා තියනවා,  ඒත් භාර වුනාම, FBI එක මෙහෙම කියනවා. "දැන් අපි ඇයි මෙයාව හෙව්වෙ?" කියලා.