Aug 22, 2023
Aug 10, 2023
බුබුලක ජීවත්වීම වරදක්ද?
| Bubble life -cat style |
Jul 23, 2023
Jul 9, 2023
බස්සා දුටු අරාබි නිසොල්ලාසයේ අඳුරු පැත්ත
ඔහෙලා අරාබි නිසොල්ලාසෙ කතා කියවල තියනවනෙ?ඒ කතාවලින් මැවෙන්නෙ, අමුතුම ,අද්භූත වගේම සුන්දර පරිසරයක් නේද? අරාබියේ මරු කතරට යන්න ඉස්සෙල්ලා මාත් හිතුවෙ එහෙමම තමයි.කව්ද බූතයෙක් "හබීබි, කම් ටු ඩුබායි" කිව්වා, ඉතිම් මාත් ගියා. පහනෙ බූතයා, මැජික් පලස් නම් දැක්කෙ නෑ. ඔටුවො හිටියා, ජාතිවාදී රාජ පුරුසයො හිටියා, මූණු බාගෙට වහගත්ත රාජ කුමාරියොත් හිටියා. ආ, තව පාරෙ වැඩට වහල්ලුත් හිටියා. අලිබාබාත් මාලිගාවක හිටියා.
Jul 4, 2023
Jun 16, 2023
රැජිනගෙ ඉංග්‍රීසි සහ ටින්-ටින් සමඟ කෝපි සැඳෑවක්
අපි නොදන්න Accent
ඉංග්‍රීසි අපේ මව් භාෂාව නොවන නිසා, අපි බොහෝ දෙනෙකුට "ඇක්සන්ට්"
එකක් තියනවා.ඒත් ඒ බව, යමෙක් අපට කිව්වොත්, අපි ඒකට එච්චරම කැමති නෑ.
ඒක අපි හිතන තරම් අවුලක් කියල මට හිතෙන්නේ නැත්තෙ ලන්ඩන් නගරය
ඇතුලතම, ඉංග්‍රීසි උපභාෂා කීපයක්ම තිබෙන බව අසා තිබෙන නිසයි. මේ
භාෂාවල "ඇක්සන්ට්" එකට අමතරව, ඒවාටම ආවේනික යෙදුම්( Dialect)
තිබෙන බවත් අසා තිබෙනවා.
Jun 8, 2023
ඇමරිකාවේ අවසාන නාසි යුධ සිරකරුවා
වර්ෂ 1985 දී ඇමරිකාවේ "most wanted" ලැයිස්තුවේ ඉන්න අපරාධකරුවෙක්, බලධාරීන්ට භාර වෙනවා. වැඩේ කියන්නෙ මේ හාදයා අවු 40 ක් FBI එකත් එක්ක කට්ටි පැනපු ගොබිලෙක්. කස්ටිය හතර වටේ, මෙයාගෙ පෝස්ටර් එහෙම අලවලත් තිබිලා තියනවා, ඒත් භාර වුනාම, FBI එක මෙහෙම කියනවා. "දැන් අපි ඇයි මෙයාව හෙව්වෙ?" කියලා.
May 20, 2023
මීයා මලා
මගේ ප්‍රියතම නැට්ට සහිත මීයා මලා. වසර දෙකහමාරක් කියන්නෙ මීයෙකුට ඒ හැටි වයසක් වෙන්න බෑ නේද? වම් කකුලෙ තමා ලෙඩේ ආවෙ. එකක් කෙටුවාම, දෙකක් වදින්න ගත්තා. මට මුලින් තේරුනේ නැහැ, ඇයි බ්‍රව්සරේ පිස්සු කෙලින්නෙ කියලා. පස්සෙ ඔන්ලයින් "ක්ලික් කවුන්ටර්" එකක් පිහිටෙන් ලෙඩා මවුසා කියල තහවුරු කර ගත්තා.
Mar 24, 2023
වැඩේ කැතද මන්දා ඒත් හිනා යනවනෙ?
මේ තියෙන්නෙ, කාලෙකට ඉස්සර, ස්පෙෂල් ඉෆෙක්ට්ස් එච්චර දියුණු නැති යුගයක, බජට් ෆිල්ම්ස්වල සුපිරි වීරයෝ නිරූපණය කරපු හැටි. හැබැයි මට නං මේ ටික හොඳට හිතට ඇල්ලුවා. ඒ කාලෙ මේ කස්ටිය, ලෝකෙ ගලවා ගන්න ආපු වීරයො නෙව? දැන් ඉතිං අහන්න එපා, ඇයි ගලවාගන්නෙ, ඇලවිලාද තිබ්බෙ වගේ අනවශ්‍ය ප්‍රශ්ණ. ඒත් අදටත් මේක හොඳම කොමඩියක් විදිහට හොඳ සේවයක් කරන්නෙ නැත්ද?
Feb 11, 2023
කෘතීම බුද්ධිය සමඟ පිළිසඳරක්.........
Does your answers biased or hindered, anyway?
යම් හෙයකින්, ඔබේ පිළිතුරු වලට පක්ෂග්රාහී හෝ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සීමාකිරීම් කෙරෙනවාද ?
As an AI language model, I strive to provide objective, accurate, and neutral information. However, it's important to note that I am a machine learning model created and trained by OpenAI, and my training data includes examples of text from the internet. This means that my training data may include biases and inaccuracies that are present in the online sources that were used to train me.
Subscribe to:
Posts (Atom)


