Jun 8, 2011

සඳ පහන් ‍රැයක ඇවිදින්..


මේ දවස්වල කණ පැලෙන්න රස්නෙ. බස්සා වැඩ කරන්නෙ, අයිස් වතුර බිබී තමා. ඕං ඔහොම රස්නෙ වෙලාවක ටිකක් හුලං වදින්න වැඩකරන තැනින් එලියට ආපු වෙලාවක, බස්සා දැක්කා ලස්සනට හඳ පායලා තියනවා. අනේ ඉතිං මේ හඳමනෙ බැස්සිටත් පායන්නෙ. බැස්සිනං මේ වෙලාවට හතරගාතෙ දාලා සමනලියක් වගේ බුදි ඇති කියලා ඌට හිතුනා. පූරුවෙ කරුමෙට එකට ඉන්න වාසනාව නැති උනත්, ඒ ගැන හීන දකින්න, ඒක බාධාවක් උනේ නෑ. මෙන්න ඌට හිතුන හැටි:


සඳ පහන් ‍රැයක ඇවිදින්..


                                       



Esto es para ti, mi amor                                                                                                        
Madu mala lesa MP3 Download

5 comments:

  1. කතාව බොහොම ප්‍රේමාන්විතයි ඒත් බැස්සි හතර ගාතේ දාලා නිදි කියන කොට නම් කිසිම 'රොමැන්ටික්' ගතියක් නෑ. හැබෑට බස්සන්ට ගාත් කීයක් තියනවද?

    සින්දුවෙන් කියන්නේ නම් 'ඇවිත් ආදරේ කියලා කනට කොඳුරලා කියන්ට කියලයි.' 'මම බැස්සිට ආදරේ' කියලා නම් නෙමෙයි. බැස්සි පව්.

    ReplyDelete
  2. මාර මනමාල බස්සෙක්! ! !

    ReplyDelete
  3. ඕකනෙ කියන්නෙ පොකුට මඤ්ඤං කියලා.. ඇයි බස්සන්ට ගාත් හතරක් නැහැයි කියලද හිතන් ඉන්නෙ..??

    ReplyDelete
  4. @පොකු
    ඔන්න පොඩි , පොඩි සංශෝධන ටිකක් කලා, දැං බලාන්ට..කෝ කොහොමද කියලා?

    @කූටි
    මනමාල? මේ මම? චෑ, චෑ, එහෙම නෑ, මම පැණි බස්සෙක්. හත්වලාමේ "කූටි" ලට හිංගලත් පුළුවනිනෙ? දැං ඔය කොයි කූටිද? කරුණාකරල නොම්බරේ එක්කම දාන්න.

    @බුරා
    අනේද කියන්නෙ? ත‍ටු දෙකයි, කකුල් දෙකයි, මයෙ හිතේ එයා ගාණ වරද්ද ගෙන.

    ReplyDelete
  5. අනේ බස්සෝ මම දැනගෙන හිටියෙ නැහැනේ සමනලියො නිදාගන්නේ හතරගාතෙදාලා කියල. හැබෑටම කොහෙදිද දැක්කෙ ඈ ??????

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code